Wednesday, October 23, 2024
Follow Us
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

මන්නාරම, සිට පුත්තලම, කොළඹ, මාතර, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 70, 80 දක්වා ඉහළ යාමට හැකියාවක් පවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

සෙසු මුහුදු ප්‍රදේශවලද සුලගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යාමට හැකි අතර එම මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ සදහන් වේ.

මේ හේතුවෙන් 2019 08.30 දින පෙරවරු 6.00 සිට අගෝස්තු මස 31 දින පෙරවරු 8.00 දක්වා දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර ජනතාවට දැනුම් දේ.

එසේම නාවුක කටයුතු වල යෙදෙන පිරිස මුහුදේ රළු ස්වභාවය පිළිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.

(Aruna)