Wednesday, October 23, 2024
Follow Us
කොටුව සහ මරදාන අතර දුම්රිය දෙකක් එකිනෙක ගැටේ

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය දෙකක් ගැටී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. මෙම අනතුර අද (28) උදැසන 10.00ට පමණ සිදුව තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ කොළඹ කොටුවේ සිට දකුණ කළුතර දක්වා ගමන් කරනු ලබන දුම්රියක් සහ මරදාන සිට හලාවත දක්වා ගමන් කරනු ලබන දුම්රියක් මෙලෙස ගැටී ඇති බවයි.

සිද්ධියෙන් දුම්රිය දෙකට, මගීන්ට හෝ දුම්රිය කාර්ය මණ්ඩලයට කිසිදු හානියක් සිදුව නොමැති බවත් දුම්රිය ධාවන කටයුතු හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කලේ.

(Neth)