Wednesday, October 23, 2024
Follow Us
තේරීම් කාරක සභාවේ කාලය සැප් 30 දක්වා දීර්ඝ කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කාලය දීර්ඝ කිරීම සඳහා අද (21) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය. ඒ අනුව තේරීම් කාරක සභාවේ කටයුතු ලබන සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

පසුගිය මැයි 22 වැනිදා සිට තේරීම් කාරක සභාවේ කටයුතු ආරම්භ වූ අතර රජය මීට පෙර ප්‍රකාශ කළේ ජූලි අවසන් වනවිට සාක්ෂි විමසීම අවසන් කරන බවයි. ඉන්පසු අගෝස්තු මාසයේදී වාර්තාව සකස් කර තේරීම් කාරක සභාවේ කටයුතු අවසන් කිරීමට තීරණය කර තිබිණි.

ජනතා විමුක්ති පෙරමු‍ණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්‍තුවේදී ප්‍රශ්න කළේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙන්නේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් කතානායකවරයා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවේ සභාපතිවරයාගේ අවධානය යොමු කිරීමට තමන් කටයුතු කරන බවයි.

ඉදිරියේදී සාක්ෂි විමසීම සඳහා ‍තේරීම් කාරක සභාව හමුවට කැඳවන පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැත.

(LNW)