Wednesday, October 23, 2024
Follow Us
පැය 24ක වෛද්‍ය වැඩවර්ජනය හෙට

රජයේ රෝහල්වල වෛද්‍ය වැඩවර්ජනයට සමගාමීව හෙට (22දා) දිනයේ පෞද්ගලිකව කරගෙන යනු ලබන සේවාවලින්ද ඉවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර ඇත.

හෙට (22දා) උදෑසන 8.00 සිට පැය 24ක වැඩවර්ජනයක් සිදුකරන බවත්, මේ නිසා මෙම කාලය තුළදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් පෞද්ගලික චැනල් සේවාවලින්ද ඉවත්වන බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය සේවාවේ හා වෛද්‍ය සේවාවේ ඇති වී තිබෙන ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අපොහොසත් වී තිබෙන බව හා සමස්ත සෞඛ්‍ය සේවාවම අර්බුදයකට ලක්වෙමින් තිබෙන බවත් ඔහු සඳහන් කළ අතර රෝගී අයිතිවාසිකම් රැකදීමට හා සෞඛ්‍ය සේවාව රැකදීම සඳහා මෙම වැඩවර්ජනය සිදුකරන බව සඳහන් කළේය.

(Aruna)