Wednesday, October 23, 2024
Follow Us
හූනන්ට ජාතික වීරයින්ගේ නම් දාන්න එපා…. රනිල්, සජිත්, මංගල වැනි නම් දාන්න විමල්ගෙන් යෝජනාවක්

අලුතින් හඳුනාගන්නා ලද හූනන් වර්ග 6කට ශ්‍රී ලංකාවේ ජාතික වීරයන්ගේ නම් යෙදීම තරයේ හෙලා දකින බවත් එවැනි ජාතිකවීරයින්ගේ නම් හූනන්ට නොදමා රනිල්, සජිත්, මංගල වැනි නම් එම හූනන්ට යොදන ලෙසටත් ජාතික නිදහස් පෙරමුණේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලීමක් කළේය.

බූටෑවේ රාළ, කොහුකුඹුරේ රාළ, නන්දිමිත්‍ර, ගෝඨයිම්බර වැනි නම් නැට්ටෙන් ඇල්ලුවම දෙකට කැරෙන හූනන්ට දැමීම ජාතික වීරයන්ට කරන අපහාසයක් බවත් එය වහාම නතර කරන ලෙසට තමා දැඩි ලෙස ඉල්ලීමක් කරන බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

(Lanka Leads)