Tuesday, October 22, 2024
Follow Us
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය !

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිව හිමිව ඇතැයි වාර්තා වේ.

තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා සහ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවකටයි මෙසේ අනුමැතිය හිමිව ඇත්තේ.

බාලවයස්කාර දැරියන් විවාහ කරදෙන, කාන්තාවන්ට කිසිදු ස්වාධීනත්වයක් හිමි නොවන මුස්ලිම් විවාහ සහ දික්කසාද නීති වහාම සංශෝධනය කළ යුතු බවට බරපතළ සංවාදයක් පසුගිය යුගයේ රට තුළ ඇතිව තිබුණු අතර මුස්ලිම් කාන්තා සංවිධාන ද මේ පිළිබඳව ඉල්ලීම් ඉදිරිපත් කරමින් පෙරට පැමිණ තිබිණි.

ඒ අනුව විවාහ වයස, විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය, විවාහය සඳහා කාන්තාවගේ කැමැත්ත ලබාගැනීම ඇතුළු සංශෝධන එක්කරමින් පනත් කෙටුම්පත් සම්පාදනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

(LNW)