Tuesday, October 22, 2024
Follow Us
JMI සංවිධානයේ සාමාජිකයින් දෙදෙනා දින 3 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පියවර

අත්අඩංගුවට පත් ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් තහනම් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනා දින 3 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන්ගෙන් ත්‍රස්ත ක්‍රියාකාරකම් සහ ලද පුහුණුවීම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

දින තුනක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සඳහා ඔවුන් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දීමට පියවර ගන්නා බවද සැකකරුවන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග නුවරඑළිය ප්‍රදේශයේදි අවි පුහුණුව ලබා ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට පත් සැකකරුවන් ඊයේ (19) අම්පාර ප්‍රදේශයේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ගෙලිඔය සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

(Aruna)