Tuesday, October 22, 2024
Follow Us
සතොස හිටපු සාමාන්‍යාධිකාරිවරයාට වසරක ලිහිල් සිර දඬුවමක්

2002 වසරේ ස.තො.ස ආයතනයට සහල් මිලදී ගැනීමේදී රජයට රුපියල් ලක්ෂ 40 පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ සතොස හිටපු සාමාන්‍යාධිකාරි විමල් පෙරේරාට වසරක සරල සිර දඩුවමක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළා.

මීට අමතරව විත්තිකරුට රුපියල් 50,000 දඩයක් ගෙවීමට ද ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළ අතර දඩ මුදල නොගෙවන්නේ නම් ඔහුට මාස 6 ක සිර දඩුවම් නියම කිරීමට නියෝග කළා.

2002 වසරේ සතොස ආයතනයට හාල් මිල දී ගැනීමේදී රජයට රුපියල් ලක්ෂ 40 ට ආසන්න පාඩුවක් සිදු කර ඇති බවට චෝදනා කරමින් එම ආයතනයේ හිටපු සාමාන්‍යධිකාරි විමල් පෙරේරාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරනු ලැබුවා.

එම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස එවකට හිටපු වෙළෙඳ හා වාණිජ අමාත්‍ය රවි කරුණානායක සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති ලාල් වික්‍රමතුංග ඇතුළු පිරිසක් ද නම් කර තිබූ අතර ඔවුන් මීට පෙර අධිකරනයේ සාක්ෂි ලබා දෙනු ලැබුවා.

(Neth)