Tuesday, October 22, 2024
Follow Us
නීති විරෝධී මත්පැන් වැටලීමට  ක්ෂණික දුරකථන අංක 1913 අද සිට

නීතිවිරෝධී මත්පැන් පිළිබඳව මහජන පැමිණිලි ලබාගැනීම සඳහා පැය විසිහතර පුරා ක්‍රියාත්මක විශේෂ ද්‍රකතන අංක 1913 අද (19) දින සිට ක්‍රියාත්මක කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.


මෙම ක්ෂණික දුරකතන සේවාව මගින් මහජනතාවගෙන් ලැබෙන පැමිණිලිවල රහස්‍ය භාවය රකින අතර නීති විරෝධී මත්පැන ප්‍රවාහනය හා ලඟ තබාගැනීම සම්බන්ධයෙන් ද පැමිණිලි කළ හැකි බව සුරා බ්ස්දු කොමසාරිස් ජනරාල් පැවසීය.

පලපත්‍ර යටතේ නිෂ්පාදනය කරන මත්පැන් පවා නියමිත ප්‍රමාණයට වඩා ළඟ තබාගැනීම තහනම් බැවින් එවන් අවස්ථා පිළිබඳව ද මහජනතාවට පැමිණිලි ඛළ හැකිය