Tuesday, October 22, 2024
Follow Us
පහේ ශිෂ්‍යත්ව සමතුන්ගේ ආධාර මුදල් ඔන් ලයින් ක්‍රමයට ලබාදීමට අවධානය

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට ලබාදෙන ශිෂ්‍යාධාර මුදල් ‘ ඔන් ලයින් ’ ක්‍රමයට ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. සිසුන්ට ශිෂ්‍යාධාර මුදල් ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්‍ෂමව සිදු කිරීම එහි අරමුණයි.

එහි පළමු පියවර ලෙස ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ජාතික පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගේ තොරතුරු සහ ශිෂ්‍යාධාර දීමනාව සදහා සුදුසුකම් ලැබීමට අදාළ සියළු දත්ත මේ වනවිට ‘ ඔන් ලයින් ’ ක්‍රමයට ඇතුළත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

2020 වර්ෂයේ ජනවාරි මාසයේ සිට සියළුම පාසල්වල සහ පිරිවෙන්වලත්, පෞද්ගලික සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසුන් සදහාත් ‘ ඔන් ලයින් ’ ක්‍රමයට ශිෂ්‍යාධාර ලබාදීමට පියවර ගනිමින් සිටින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)