Tuesday, October 22, 2024
Follow Us
අගෝස්තු 21 දින රටපුරා කම්කරුවෝ ලක්ෂ 85 ක් වැඩ වරති

ලංකාවේ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කම්කරුන් ලක්ෂ අසු පහක පිරිසක් දැවැන්ත වෘත්තිය සමිති අරගලයක් දියත් කරන්නට සුදානම් වේ.මේ යට‍තේ,ලංකා වෙළෙද කාර්මික හා පොදු කම්කරු සංගමය,මෙන්ම කම්කරු සමිති පහළොවක (15) සහභාගිත්වයෙන් යුතුව අගෝස්තු මස 21 වන දින කම්කරුවන්ගේ සහයෝගයෙන් යුතුව කම්කරු අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවන්ට තිරණය කර තිබෙන බව,ලංකා වෙළෙද කාර්මික හා පොදු කම්කරු සංගමයේ ලේකම් එස්.ජයකොඩි පවසයි.

රටපුරා සේවය කරන කම්කරවන්ගේ අයිතිවාසිකම් කප්පාදුකරමින් ඇමරිකාව හා ලෝක බැංකු උවමනා මත එජාප ආණ්ඩුව ගෙන ඒමට යෝජිත සේවා නියුත්තිපනත් කෙටුම්පත වහා ඉවත් කරන ලෙසට ආණ්ඩුවට බලකරමින් මෙම විරෝධය ප්‍රකාශ කරන බව ද ඒ මහතා පවසයි.

මෙයට අමතරව,පඩිපාලක සභාව අවෝසි කිරීම,සේවයේ නියුතු කාන්තාවන්ගේ ප්‍රසව හා නාරි කටයුතුවලට අදාළව කාල පනත සංශෝධනය කිරීම,ලොව පිළිගත් පැය අටේ සේවා මුරය පැය 12 ,15 ආදි වශයෙන් දිගු කර කම්කරුවන්ගේ සමාජ,සංස්කෘතික,සෞඛ්‍ය හා විවේකය අඩුකර ශ්‍රමය සූරා කෑමේ ක්‍රමසම්පාදනයකට ගමන් කිරීම,ස්තීර රැකියා ලබා දීමේ ක්‍රමවේදය වෙනස් කර මෑක් පවර් ක්‍රමය යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශවලට සේවක කම්කරුවන් බඳවා ගැනීමට නිතී සකස් කිරීම ආදි බරපතල කම්කරු අයිතින් උල්ලංඝනය කිරීමේ සැලසුම් වහාම ඉවත් කරන මෙන් ඉල්ලා මේ උද්ඝෝෂණය පවත්වන බව ද සංගමයේ ලේකම් එස්.ජයකොඩි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(Aruna)