Tuesday, October 22, 2024
Follow Us
විදුලි සැපයුමට තවමත් බාධා

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප‍්‍රදේශ රැසක විදුලි සැපයුමට තවමත් බාධා එල්ල වී තිබෙනවා.

කිරිබත්ගොඩ ප‍්‍රාථමික විදුලි උපපොළේ සිට විදුලිය බෙදා හරින රැහැන් මාර්ගයක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් ඊයේ (10) පස්වරුවේ සිට කිරිබත්ගොඩ ඇතුළු තදාසන්න ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳ වැටුණා.

විදුලි සැපයුම යථාතත්ත්වයට පත් කිරීම සඳහා මේවනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි විදුලි බල අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ.

මේ අතර ප‍්‍රදේශ රැසකට අද දිනයේ ද වැසි සහ තද සුළං අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 සිට 55ක් දක්ව ක්ෂණිකව ඉහළ යා හැකි බවයි සඳහන් කෙරුණේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත් වැසි හො ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන් කළා. මන්නාරම, යාපනය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාවක් පවතින බවද පෙන්වා දුන්නා.

උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප‍්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වීම තවදුරටත් අවදානම් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)