Tuesday, October 22, 2024
Follow Us
කුරාණය ගැන පොලීසියට පංති !

ඉස්ලාම් ආගමික කටයුතු හා ඉස්ලාමයේ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුරාණයේ ඉගැන්වීම් ගැන සියලු පොලිස් නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව රටපුරා සියලු පොලිස් ස්ථානවල රාජකාරි කරන පොලිස් නිළධාරීන් දැනුවත් කිරීම සඳහා වැඩමුළු පැවැත්වීමට නියමිතය.

මේ වනවිටත් මෙම වැඩමුළුව කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිහිපයක පවත්වා ඇති අතර ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් ලියැවුණු පොත් කට්ටලයක් ද වැඩමුළුව පැවැත්වෙන පොලිස් ස්ථාන සඳහා ලබා දී තිබේ.

මවුලවිවරුන් විසින් මෙම වැඩමුළුවලදී පොලිස් නිළධාරීන් දැනුවත් කරන බවයි වාර්තා වන්නේ.

(LNW)