Tuesday, October 22, 2024
Follow Us
කොළඹ කුණු අරුවක්කාළු ගෙනියන්න දිනකට ලක්ෂ 50ක්

කොළඹ නගරයේ කසළ පුත්තලම අරුවක්කාළු විද්‍යාත්මක කසළ අංගණයට රැගෙන යාමට දිනකට දළ වශයෙන් රුපියල් ලක්ෂ 50 ක් වත් වැය වන බව කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය පුරපති එම්.ටී.එම්.ඉක්බාල් පවසයි.

එක් ලොරියකින් මෙට්‍රික් ටොන් 10 ත් 12 ත් අතර ප්‍රමාණයක් ප්‍රවාහනය කරන බවත්,අවම වශයෙන් ලොරි 50 ක් වත් කසළ අරුවක්කාළු වෙත ගෙන යාමට යොදා ගැනීමට සිදුවන බවත් නියෝජ්‍ය පුරපතිවරයා කීවේය.

මෙම කුණු ප්‍රවාහනය කරන එක් ලොරියක් සඳහා දිනකට රුපියල් ලක්ෂයක් පමණ වැයවන බවත් නාගරික කොමසාරිස්වරයා කියයි.

(Aruna)