Tuesday, October 22, 2024
Follow Us
හිජාබය ඇඳගෙන ඇවිත් උසස් පෙළ විභාගය වංචා කරලා

පසුගිය සමයේ මෙරට සිදුවූ ඇතැම් කරුණු හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගයට හිජාබය පැළඳි ලිවීමේ අවස්ථාව ලබා නොදෙන ලෙස ඉල්ලීමක් කරමින් පසුගියදා විභාග කොමසාරිස්වරයා විසින් නිවේදනයක් නිකුත් කරන ලදි.

ඒ අනුව ඊට අනුකූල නොවී නැගෙනහිර පළාතේ ඇතැම් පාසල් වල ළමුන් හිජාබය පැළද පැමිණ ඇත. මේ හේතුවෙන් ඇතැමුන් පැමිණිලි කර ඇත්තේ විභාග නීතිරීති උල්ලංඝනය වී ඇති බවයි.

මේ අතර ඇතැම් පිරිමි ළමුන් හඬ පට පැළද පැමිණ විභාග වංචනික කටයුතු සිදුකරන බව අදාළ පැමිණිල්ලේ සටහන්ව ඇත.
තවද විද්‍යුත් උපකරණ භාවිත කරමින් මෙම වංචා සහගත කටයුතුවල මෙම පිරිමි ළමුන් නිරතවන බව වාර්තාවේ.

(Lanka Leads)