Tuesday, October 22, 2024
Follow Us
පල්ලියට කඩු දෙන්න ගිය වෙලම්බොඩ පොලිසියේ වැඩබලන OICගේ වැඩ තහනම් !

මුස්ලිම් දේවස්ථානකින් අත් අඩංගුවත් ගත් කඩු, පිහි සහ පොරෝ තොගයක් ආපසු භාරදීමට සූදානම් වූ බවට චෝදනා එල්ල වූ උඩුනුවර, වෙලම්බඩ පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක බන්ධුල බණ්ඩාර මහතා රාජකාරි වැඩ තහනමකට ලක් කර, මහනුවර පොලිස් ස්ථානය කරා මාරුකර යවා තිබේ.

මෙම වැඩබලන ස්ථානාධිපතිවරයා අදාළ පල්ලියේ ඉල්ලීමක් අනුව එම කඩු, පිහි, පොරෝ තොගය ආපසු භාරදීමට සූදානම් වෙද්දී එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට එය දැනීමට ලැබී ඇති බවත් ඒ අනුව ඔහු එය වළක්වා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව මහනුවර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙලම්බඩ පොලිස් ස්ථානයට ගොස් පරීක්ෂණයක් පවත්වා ඇති බවත් එම පරීක්ෂණයේ නිර්දේශ අනුව අදාළ පොලිස් නිලධාරියාගේ රාජකාරි වැඩ තහනම් කර, ස්ථාන මාරුවක් ද ලබාදීමට පියවර ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

(LNW)