Tuesday, October 22, 2024
Follow Us
අගමැති තේරීම් කාරක සභාව හමුවට - ජනපතිගෙනුත් දිනයක් ලබා ගැනීමේ තීරණයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සාක්ෂි ලබා දීමට නියමිතයි.

පස්වරු 06.00ට පමණ අගමැතිවරයාගේ සාක්ෂි ලබා ගැනීම ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මෙම තේරීම් කාරක සභාවේ කටයුතු අද පස්වරු 02.00ට ආරම්භ කිරීමට නියමිත අතර හිටපු නීතිය හා සාමය අමාත්‍යවරුන් වන සාගල රත්නායක,රන්ජිත් මද්දුම බණ්ඩාර සහ වත්මන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන් ද කාරක සභාව හමුවේ සාක්ෂි දීමට නියමිතය.

මේ වන විට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් අදියරේ තිබෙන අතර වත්මන් ආරක්ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ද සාක්ෂි ලබා ගැනීම සඳහා වේලාවක් වෙන් කර ගැනීමට කමිටුව බලාපොරොත්තු වෙයි.

පාස්කු ප්‍රහාරයට පෙර ආරක්ෂක කවුන්සිලයට අගමැතිවරයා නොකැඳ වීම, ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් අගමැතිවරයා දැනුවත් කර නොතිබීම මෙන්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පවතින විරසකයට යාම යම් හේතු කාරණාද අද කාරක සභාව හමුවේ දිගහැරෙනු ඇත.

(LNW)