Tuesday, October 22, 2024
Follow Us
කාරක සභාව හමුවේ පෙනී සිටින්න ජනපතිට ආරාධනයක්

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින්නැයි ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත නිල ආරාධනයක් සිදු කරන බව එහි සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පවසනවා.

ජනාධිපතිවරයා කාරක සභාව හමුවේ පෙනී සිටීමට දිනයක් වෙන් කර ගැනීම මෙමගින් අපේක්ෂා කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (06) නැවත රැස්වනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද හෙට මෙම විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ඊට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර ද හෙට මෙම විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිට සාක්ෂි ලබාදීමට නියමිතව සිටිනවා.

මේ වනවිට සිදු කෙරෙමින් තිබෙන්නේ සිය විමර්ශනවල අවසන් අදියරේ සාක්ෂි විමසීම බවයි පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා පැවසුවේ. විමර්ශන කඩිනමින් අවසන් කරන බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ.

(Neth)