Tuesday, October 22, 2024
Follow Us
මහින්ද රනිල් මෛත්‍රී දේශපාලන වේදිකාවේ මොනවා කීවත් මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරාගන්න ඉඩ නෑ – ජනවාරි 3දා පටන් ගන්නවා – හිස්බුල්ලා

මඩකලපුව විශ්වවිද්‍යාලය ලබන වසරේ ජනවාරි 3වැනි දින සිට විවෘත කරන බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සඳහන් කරයි.

එමෙන්ම කිසිම හේතුවක් නිසා මෙම විශ්වවිද්‍යාලය රජයට නොපවරාගන්නා බවත්, රජය සමග සහයෝගයෙන් විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් හිස්බුල්ලා මහතා සඳහන් කළේය.

තමන් බලයට පැමිණියහොත් මෙම විශ්වවිද්‍යාලය රජයට පවරාගැනීමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා, රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කරනු ඇතැයිද, කෙසේවෙතත් හදිසි නීතිය යටතේ හෝ රජයට පවරා ගැනීමට නෛතික පදනමක් නැතැයිද හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේය.

(Lanka Leads)