Tuesday, October 22, 2024
Follow Us
“එකම රටක නීති දෙකක්” උලමාවරුන්ගේ බලපෑම මත මුස්ලිම් විවාහ පනතේ සංශෝධනය නවතී.!

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයත් සමග දැඩි කතාබහක් ඇතිවූ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය නැවතී තිබෙන බව වාර්තා වී තිබේ. රජය මෙම කටයුත්ත නවතා දමා තිබෙනුයේ ඉස්ලාම් උලමාවරුන්ගේ සංවිධානයෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් බව වාර්තා සදහන් කරයි.

එකම රටක නීති දෙකක් පැවතීම පසුගිය දිනවල දැඩි විවේචනයට ලක්වූ අතර පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් විවාහ නීතියට සමාජයෙන් දැඩි විරෝධතාවයක් එල්ල විය. මේ අතර මෙතෙක් මුස්ලිම් විවාහ නීතිය හේතුවෙන් පීඩනයට පත්ව සිටි මුස්ලිම් කාන්තාවන්ම සමාජය ඉදිරියට පැමිණ මුස්ලිම් විවාහ නීතිය හේතුවෙන් ඔවුන් මුහුණ පෑ කටුක අත්දැකීම් හෙළිකර සිටියේය.

කෙසේ වෙතත් උලමාවරුන්ගේ සංවිධානය එල්ල කළ පීඩනය හේතුවෙන් මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය රජය විසින් නවතා දමා තිබෙන බව වාර්තා වේ.

(Lanka Leads)