Tuesday, October 22, 2024
Follow Us
බුර්කාව තහනම් කරන්න තලතාගෙන් කැබිනට් පත්‍රිකාවක්

බුර්කාව තහනම් කිරීම සඳහා වූ නීති සම්පාදනය කිරීමට කැබිනට් පත්‍රිකාවක් අද (30) රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබෙනවා. මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ විසින්. ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට එහිදී එකඟතාවක් ඇති වී තිබෙනවා.

මේ අතර තවත් අමෙරිකානු ආධාරයක් සම්බන්ධයෙන් වූ යෝජනාවක් ද කැබිනට් මණ්ඩලය වෙත අද ඉදිරිපත් වූ බවයි දේශපාලන ආරංචි පවසන්නේ. මිලේනියම් චැලෙන්ජ් කම්පැකට් හෙවත් එම් සී සී ආධාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

මේ යටතේ වසර කිහිපයක් තුළ කොටස් වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 480ක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අපේක්ෂිතයි. හෙට තමන් හමු වී ඒ සම්බන්ධයෙන් වැඩිදුර සකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී මුදල් අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබෙනවා.

මාස 02කට ආසන්න කාලයක් තනතුරු අතහැර සිට අමාත්‍ය ධුරවල ඊයේ නැවත දිවුරුම් දුන් රිෂාඞ් බදියුදීන් සහ රාවුෆ් හකීම් ද අද පැවති මෙම කැබිනට් රැස්වීමට සහභාගී වී සිටි බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවේ.

(Neth)