Tuesday, October 22, 2024
Follow Us
තහනම් කළ සංවිධානය යටතේ අවි පුහුණුව ලැබූ සහරාන්ගේ ඥාතියෙක් කොටු

නුවරඑළිය ප්‍රදේශයේ පවත්වන ලද අවි ආයුධ පුහුණුවීම් හා දේශණවලට සහභාගී වූ සැකකරුවෙකු ඔහු පදිංචිව සිටි නිවසේදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (29) රාත්‍රි 10.30ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර ඒ ලැබුණු තොරතුරකට අනුවයි.

තහනම් කරන ලද අන්තවාදී මුස්ලිම් සංවිධානයක් වන ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක කාසීම් සහරාන් යන අය විසින් නුවරඑළිය ප්‍රදේශයේ මෙම අවි ආයුධ පුහුණුවීම් හා දේශණ පවත්වා තිබුණා.

සැකකරු වයස අවුරුදු 28ක් වූ අංක 382/02, කැකුණගොල්ල කටුපොත පදිංචි මොහොම්මදු අබ්දුල් කාදර් අසීම් නැමැත්තෙක්.

මෙම සැකකරු සහරාන් යන අයගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා වන අතර මෙම සැකකරුගේ මවගේ සහෝදරිය විවාහවී සිටින්නේ නවුපර් මව්ලවී සමග බවයි පොලිසිය සඳහන් කළේ.

(Neth)