Tuesday, October 22, 2024
Follow Us
’සුවසැරිය’ සාර්ථකව තුන්වැනි වසර සපුරයි

ඉන්දියානු ආධාර යටතේ ආරම්භ වූ සුවසැරිය ගිලන් රථ සේවය මේ වනවිට වසර තුනක් සම්පූර්ණ කර තිබේ. තුන්වන වර්ෂ පූර්ණය සැමරීම සඳහා අද (27) විශේෂ උත්සවයක් පැවැත්විණි.

එම උත්සවයේදී අදහස් දක්වමින් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ සුවසැරිය වසර තුනක් තුළ අති සාර්ථක වී ඇති බවයි. මෙම කාලසීමාව තුළ අවස්ථා 217,338 කදී හදිසි අවස්ථාවලදී රෝගීන් රෝහල්ගත කර ඇති බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා රජයට කිසිදු මුදලක් වියදම් කිරීමට සිදු නොවූ බවත් මේ සඳහා වැය වූ මුදල් සියල්ල ආධාර වශයෙන් ලැබුණු බවත් රුපියලක් හෝ නැවත ගෙවීමට අවශ්‍ය නොවන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

සුවසැරිය කාර්ය මණ්ඩලය සඳහා කාර්යාල 300 ක් පිහිටුවීමේ ව්‍යාපෘතියක් ඉදිරියේදී රජයේ මැදිහත්වීමෙන් ආරම්භ කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පළමු අදියර යටතේ පළමු කාර්යාල 100 මෙම වසර ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ද ලබා ගන්නා බවයි ඇමතිවරයා ප්‍රකාශ කළේ.

(LNW)