Tuesday, October 22, 2024
Follow Us
නීතිපති - මහබැංකු අධිපති අද කාරක සභාව හමුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු අද දිනයේද ක්‍රියාත්මක වේ. පුද්ගලයන් සිව් දෙනෙකු අද කාරක සභාව හමුවට කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිත අතර ජාතික තවුහීද් ජමාත් සංවිධානය තහනම් කිරීමේ කටයුතුවලදී සිදුව ඇතැයි කියන ප්‍රමාදය සම්බන්ධයෙන් ඔහුගෙන් කරුණු විමසීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ මහ බැංකුවේ මුල්‍ය විමර්ශන අංශයේ ප්‍රධානියා අද කාරක සභාව හමුවට කැඳවා තිබේ. ආන්දෝලනයට ලක්ව ඇති බැටික්ලෝ කැම්පස් ආයතනය සඳහා විදෙස් මුදල් ලැබීම සහ එම මුදල් ලැබුණු ආකාරය පිළිබඳව ඔවුන්ගෙන් කරුණු විමසීමට නියමිතය.

මේ අතර කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට සඳහා ඉල්ලුම් කර ඇති තවත් සිවිල් පුද්ගලයෙකුද අද සාක්ෂි ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(LNW)