Tuesday, October 22, 2024
Follow Us
පාස්කු තේරීම් කාරක සභාවට : බොදු බල සේනාවත් කැඳවයි !

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සදහා බොදුබල සේනා සංවිධානය වෙතත් අවස්ථාව ලබාදී ඇති බව එම සංවිධානය පවසයි.

ඒ අනූව අද (26) හවස ඒ සදහා අවස්ථාව ලබාදී ඇති බවත් එම සංවිධානය සදහන් කර සිටියි.

මේ සදහා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි , බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක දිලන්ත විතානගේ සහභාගී වීමට නියමිත බවත් වාර්තා වෙයි.

(News Tube)