Tuesday, October 22, 2024
Follow Us
පාස්කු ප්‍රහාරයේ නඩුව කල්යයි - පූජිත් රහස් පොලීසියට

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ අනිවාර් නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබිණි.

හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පූජිත් ජයසුන්දර මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර මෙම නඩුවට අදාල පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් රහස් පොලීසිය අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය. රහස් පොලිස් නිළධාරීන් ප්‍රකාශ කළේ පරීක්ෂණවලට අදාලව හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බවයි. පූජිත් ජයසුන්දර මහතාගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට තිබෙන බවත් ඒ අනුව අද දිනයේදී ඔහු රහස් පොලීසිය වෙත කැඳවා තිබෙන බවත් එම නිළධාරීන් වැඩිදුරටත් දැනුම් දුන්නේය.

මෙම නඩුව ලබන ඔක‍්තෝබර් 03 වැනිදා දක්වා කල් තැබූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසට රහස් පොලීසියට නියෝග කළාය.

(LNW)