Tuesday, October 22, 2024
Follow Us
භික්ෂුන් වහන්සේට එරෙහිව සිදුකරන ප්‍රකාශ ගැන කණගාටුයි-කාදිනල් හිමියන්

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් භික්ෂුන් වහන්සේට එරෙහිව සිදුකරන ප්‍රකාශ පිළිබඳව තමන් අතිශයින්ම කණගාටුවට පත්වන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ඔවුන් වර්තමානයේ අනාගමික සංස්කෘතියකට අනුව කටයුතු කිරීමට උත්සහ දරමින් සිටින බව උන්වහන්සේ පෙන්වා දෙන්නේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට තුන්මසක් සපිරීම නිමිත්තෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සංවිධානය කර තිබු ආගමික උත්සවයකට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කලේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරිපුර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස තමන් යළිත් වරක් ආණ්ඩුවේ බළධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

(Lanka Leads)