Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රී ලාංකිකයන් ද ඉලක්ක කරගත් ෆේස්බුක් මූල්‍ය වංචාවක් ගැන තොරතුරු

ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා සිදුවන, ශ‍්‍රී ලාංකිකයන් ද ඉලක්ක කර ගත් මූල්‍ය වංචාවක් පිළිබඳ නෙත් නිවුස් වෙත තොරතුරු අනාරවණ වුණා. ශ‍්‍රී ලංකා පරිඝණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසන්නේ තමන් වෙත ද මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

වංචාව සිදුවන ආකාරය ද ඔවුන් වැඩිදුරටත් පැහැදිළි කළා. ඒ එහි තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල විසින්.

"ෆේස්බුක් එකේ තියෙන එයාලගේ අදාළ පේජ් එකට ලයික් කරාට පස්සේ අපිට මැසේජ් එනවා. ලක්ෂයක ලෝන් එකක් දෙනවා කියලා.. විසිදාහක් තැන්පත් කරන්න කියනවා. එතනදි තමයි මේ වංචාව වෙන්නේ."

සමාජ මාධ්‍ය හරහා සිදුවන මෙවැනි මූල්‍ය වංචාවන්ට හසු නොවීම සඳහා විමසිලිමත් විය යුතු ආකාරය ද මෙහිදී විස්තර කෙරුණා.

ෆ්ලෑෂ් කෑෂ් ලෝන් ඩොට් එල්. කේ. නමින් ෆේස්බුක් සමාජ මාධ්‍යයේ සිදුවන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පරිඝණක හදිසි ප‍්‍රතිචාර සංසදය විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(NEth)