Tuesday, October 22, 2024
Follow Us
මුහුද රළුවීමෙන් හලාවත වෙරළට ආසන්න පවුල් 52 ක් ඉවත් කෙරේ

පවතින වැසි සහ තද සුළං හේතුවෙන් ප‍්‍රදේශ රැසකින් ආපදා තත්ත්වයන් වාර්තා වනවා.

මුහුද රළුවීම නිසා හලාවත, කුරුසපාඩුව ප‍්‍රදේශයේ පවුල් 52 ක් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කළ බවයි පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පැවසුවේ. එම පවුල් හලාවත, වැල්ල රෝමානු කතෝලික දේවස්ථානයේ තාවකාලිකව රැදවීමටද කටයුතු කර තිබෙනවා.

ඉකුත් දින කිහිපයේදී මුහුද රළුවීම හේතුවෙන් හලාවත, කුරුසපාඩුව වෙරළ තීරය දැඩි ලෙස ඛාදනයට ලක් වුණා. මේ හේතුවෙන් වෙරළට ආසන්නව ඉදිකර ඇති නිවාස රැසකට හානි සිදුවූ බවයි පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පැවසුවේ. ප‍්‍රදේශයේ ජනතාව වැලි කොට්ට යොදා ගනිමින් මුහුදු ඛාදනයෙන් සිය නිවාස බේරා ගැනීමට උත්සාහ කළද එයද අසාර්ථක වී තිබෙනවා.

(Neth)