Tuesday, October 22, 2024
Follow Us
කුඩා ධීවර යාත‍්‍රාවලට මුහුදු ගමන් තහනම්

නැවත දැනුම් දෙනතුරු කුඩා ධීවර යාත‍්‍රාවලට මුහුදු ගමන් තහනම් කර තිබෙනවා. ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ පත්මපි‍්‍රය තිසේරා නෙත් නිවුස් වෙත කියාසිිටියේ මුහුදු ප‍්‍රදේශවල පවතින සුළං තත්ත්වය සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

මේ අතර ඉන්දියන් සාගරයේ දැනට තිබෙන මෙරට ධීවර යාත‍්‍රා මාලදිවයින දෙසට පා වෙමින් තිබෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර දිවයින හරහා විශේෂයෙන්ම බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වල මෙන්ම ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේත් පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා තද සුළං අපේක්‍ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම මන්නාරම, කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 80 ත් 90 ත් අතර දක්වා ඉහළ යා හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(Neth)