Monday, October 21, 2024
Follow Us
බි‍්‍රතාන්‍යයේ කුණු කන්ටේනර් 102 ක් කොළඹ වරායේ

බි‍්‍රතාන්‍යයෙන් බැහැර කෙරුණු රෝහල් අපද්‍රව්‍ය සහිත බාහාලූම් 102 ක් කොළඹ වරාය තුළ රඳවා ඇති බව සමස්ත ලංකා රේගු සේවා සංගමය ප‍්‍රකාශ කරයි. ඊයේ කොළඹදී පුවත්පත් සාකච්ඡුාවක් පවත්වමින් රේගු සංගමය මෙම කරුණු අනාවරණය කළේය.

එමෙන්ම තවත් අපද්‍රව්‍ය කන්ටේනර් 120 වරායෙන් මුදාහැර ඇති බවත් එම සංගම් ප‍්‍රකාශ කරයි. මධ්‍යම පරිසර අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ අධ්‍යක්‍ෂ අජිත් වීරසුන්දර මහතා ප‍්‍රකාශ කරන්නේ අදාළ අපද්‍රව්‍ය රට තුළට ඇතුළුවීමෙන් විය හැකි හානිකර තත්ත්වය සලකා ඒවා හැකි ඉක්මනින් ප‍්‍රති අපනයනය සඳහා මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බවයි.

මේ අතර කටුනායක ආයෝජන කලාපයේ පෙදෙසක ගොඩ ගසා ඇති කසළ සහිත බහාලූම් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ පරීක්‍ෂාවට ලක්කර තිබේ.

(Lanka Leads)