Monday, October 21, 2024
Follow Us
අද සහ හෙට ගුරුවරු ලෙඩ වෙයි - ගුරු විදුහල්පති සංගම් කඹ ඇදිල්ලක

අද (18) සහ හෙට යන දෙදින තුළ ගුරුවරු සහ විදුහල්පති සංගම් කිහිපයක් වැඩවර්ජනයක නිරත වෙයි. සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය විසින් මෙම වැඩවර්ජනය මෙහෙයවන බවයි එම වෘත්තීය සමිතියේ ලේකම් ඊ.එම්.ජේ.එස් ද සේරම් මහතා පවසන්නේ.

වැටුප් ප්‍රශ්නය මූලික කරගෙන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගනු ලබන අතර ඊට තවත් ගුරු සංගම් 27ක සහය නොලැබෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කර තිබේ.

අධ්‍යාපනයට 6%ක් වෙන්කිරීම, අහෝසි කළ විශ්‍රාම වැටුප නවක ගුරුවරුන්ටත් ලබා දීම යන ඉල්ලීම් ද අද අසනීප නිවාඩු දමා වැඩ වර්ජනයේ නිරත වන ගුරු විදුහපති සංගම්හි ඉල්ලීම් අතර වෙයි.

මේ අතර තවත් ගුරු සංගම් කිහිපයක් බොර දියේ මාළු බාමින් වෘත්තීය ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරීමට උත්සහ ගනිමින් සිටින බව ශ්‍රී ලංකා ගුරුවරුන්ගේ සංගමයේ ලේකම් ෂෙහාන් දිසානායක මහතා ප්‍රකාශකරයි.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිසි මැදිහත්වීමෙන් සිය ඉල්ලීම් සඳහා විසඳුම් අබා දෙන ලෙස වැඩවර්ජනයේ නියුතු ගුරු සහ විදුහල්පති සංගම් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

පසුගිය මැයි මස 09 සහ 10 යන දෙදින තුළ වැඩවර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබුණද රටේ පැවති වාතාවරණය අනුව එය අත්හිටවූ අතර නැවත එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීම සම්බන්ධයන් සාකාච්ජා කරෙමින් තිබියදී මෙම වැඩවර්ජනය නම් කර තිබූ බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කරන්නේ. ඒ අනුව මෙම වැඩවර්ජනය සම්බන්ධයන් ඔවුන්ගේ වගකීමක් නොමැති බවද ඔහු පවසයි.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍ය අකිඅ විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ මෙතෙක් අධ්‍යාපන පද්ධතියේ ගැටළුවලට විසඳුම් දුන් ආකාරයට ගුරු වැටුප් විෂමතාවට විසඳුම් දෙන බවයි.

(LNW)