Monday, October 21, 2024
Follow Us
වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය හෙට

2019 වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය සහ අර්ධ චන්ද්‍රග‍්‍රහණයක් ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන හෙට (16) රාත්‍රියේ මෙරට වැසියන්ට දැක බලාගැනීමේ අවස්ථාව උදාවේ.

16 වැනිදා මධ්‍යම රාත‍්‍රිය ගෙවී එනම් 17 වැනිදා අලුයම 12.13 ට මෙම චන්ද්‍රග‍්‍රහණය ආරම්භ වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ මෙම අර්ධ චන්ද්‍රග‍්‍රහණය ශ‍්‍රී ලංකාවට මෙන්ම ඕස්ට්‍රේලියාව, අප‍්‍රිකාව, දකුණු ඇමෙරිකාවට, යුරෝපය සහ ආසියාවේ බොහෝ රටවලටත් දිස්වන බවයි.

මේ ආකාරයෙන් පියවි ඇසට පෙනෙන චන්ද්‍රග‍්‍රහණයක් දැකගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට මින් පසු උදාවන්නේ 2021 මැයි 26 වැනිදා බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(Aruna)