Monday, October 21, 2024
Follow Us
එල්ලලා මරන්න T 56ත් ඇති

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගත් තීන්දුව පසුපස ඇත්තේ අපරාධ අඩුකිරීම හෝ මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම නොව පසුගිය ඔක්තෝම්බර් 26න පසු දිගින් දිගටම පවතින විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණය වන දේශපාලන අර්බුදය බව නීතිඥ ප්‍රබෝධ රත්නායක මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් සංවිධානය කරන ලද "මරණීය දණ්ඩනය අහෝසි කළ ගෞරවනීය ශ්‍රී ලංකාවක්" යන තේමාවෙන් පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව මෙම දේශපාලන අර්බුදය මරණ දඬුවම හිමිවූවන් අතරින් සිව් දෙනෙකුගේ මතින් සමාජයට විවෘත වී ඇති බවයි රත්නායක මහතා පෙන්වාදුන්නේ.

මේ වන විට ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම පැනවීම සඳහා අත්සන් තබා තිබෙන සිව් දෙනා තෝරා ගත්තේ කුමන පදනමකින්ද යන්න ඇත්තේද ප්‍රශ්නයක් බව ඔහු කියාසිටියේය.

මරණ දඬුවම ක්‍රියාත්මක නොවිය යුත්තේ ඇයිද යන කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2016 වසරේ ජනවාරි 01 වැනි දින නිර්දේශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාට පෙන්වාදී ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ පවත්නා විශේෂයෙන් නීතිය ක්‍රියාත්මක වීමේ ස්වභාවය අනුව මරණ දඬුවම අනුමත කළ නොහැකි බවද හෙතෙම අවධාරණය කළේය.

(LNW)