Sunday, October 20, 2024
Follow Us
ජාතික ආරක්ෂාව පවතින්නේ පාලකයින්ගේ දැක්ම සහ ආකල්ප මතයි

සමාජයේ අති බහුතරයක් විශ්වාස කරන ආකාරයට රටේ ජාතික ආරක්ෂාව රදා පවතින්නේ හමුදාවේ ප්‍රමාණය හෝ ඔත්තුසේවා වල ක්‍රියාකාරීත්වය මත නොවන බව හිටපු හමුදාපති දයා රත්නායක මහතා පවසයි.

අද දින (25) සුනේත්‍රාදේවී පිරිවෙනේදී පැවැත්වූ විද්වත් භික්ෂු සංසදයේ ”නව දස පනත” කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු හමුදාපතිවරයා මෙම සුවිශේෂී ප්‍රකාශය කරනු ලැබීය.

ඔහුගේ විද්වත් මතය අනුව ජාතික ආරක්ෂාව මූලික වශයෙන් රදා පවතින්නේ රට ජාතිය පිළිබද පාලකයින්ගේ දැක්ම සහ ආකල්ප මතය. එම මතය විද්වත් සංසදයේ ඉහළ ඇගයීමට ලක් විය.

(LAnka Leads)