Sunday, October 20, 2024
Follow Us
පාස්කු ඉරිදා ප්‍රහාරය ISIS වැඩක් නොවන බව හෙළිවෙලා තියෙනවා - මනෝ

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කළේ ISIS සංවිධානය විසින් නොවන බව පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

බෝම්බ ප්‍රහාරය එල්ල කළ ශ්‍රී ලාංකික ත්‍රස්තවාදී කණ්ඩායම පසුව ISIS සංවිධානය සමඟ සම්බන්ධතා ඇති කරගෙන ප්‍රහාරය පිළිබඳ වගකීම භාරගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලීම් කර ඇති බවත් ඒ අනුව ප්‍රහාරයෙන් පැය 48කට පසුව ISIS සංවිධානය විසින් එහි වගකීම භාරගෙන ඇති බවත් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි ඒ මහතා පවසන්නේ.

මෙය, සවුදි අරාබියේ සිටියදී අත් අඩංගුවට ගත් මෙම බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමේදී ද තහවුරු වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම ප්‍රහාරය ISIS වැඩක් නොවන බවට රවුෆ් හකීම් අමාත්‍යවරයා මීට පෙර කර තිබුණු ප්‍රකාශය නිවැරදි බවයි මනෝ ගනේෂන් මහතා පැවසුවේ.

කෙසේවෙතත් දේශීය ත්‍රස්තවාදීන් පිරිසක් විසින් මෙය සිදුකිරීම ISIS ප්‍රහරයකත් වඩා භයානකයැයි තමන් සිතන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

(LNW)