ලබන මැයි 6 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීමේ විශේෂ දිනයක් ලෙස අද (27) ප්‍රකාශයට පත් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද පෙරවරුවේ සිට පස්වරු 6.00 දක්වා නිල ජන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ගෙන්ගෙට බෙදීම සිදු කෙරේ.
නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීමේ විශේෂ දිනය වන අද ඉරිදා නිවෙස්වල රැදීසිට තමන්ට හිමි නිල ජන්ද දැන්වීම පත්‍රිකාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස දෙපාර්තමේන්තුව ජන්දදායකයින්ට දැනුම් දේ.
මෙම නිල ඡන්ද පත්‍රිකා බෙදීම එළැඹෙන 29 වැනි දින අවසන් වන බැවින් නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට තමන් ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලයෙන් තම අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද පත්‍රිකාව ලබා ගත හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.