Friday, October 25, 2024
Follow Us
ගෝඨාට නඩු දාන්න ආණ්ඩුව බලපෑම් කළ හැටි ගැන හිටපු සොලිසිටර් ජෙනරාල්ගෙන් හෙළිදරව්වක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු දමා ඔහු සිරගත කිරීමට රජය බලපෑම් කළ හැටි හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා හෙළි කරයි. තමන් විවාහ මංගල්‍යයකට ගිහින් සිටින විට උපුල් ජයසූරිය දුරකතනයෙන් කතා කළ බවත් රහසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමා බලාපොරොත්තුවෙන් සිටින බවත් ප්‍රකාශ කළා. උපුල් ජයසූරිය මට කතා කළේ අගමැතිතුමාගේ ළඟ ඉඳගෙන කියලා මට තේරුණා. යනුවෙන්ද සුහද ගම්ලත් මහතා ප්‍රකාශ කරයි.

තමන් අරලියගහ මන්දිරයට යන විට එතැන විශාල පිරිසක් රැස්වීමක් පවත්වපු බවත් ඒක අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන රැස්වීමක් බවත් එය සී.අයි.ඩී එකේ නිලධාරීන් වෙනුවෙන් පවත්වපු රැස්වීමක් බවත් සුහද ගම්ලත් මහතා ප්‍රකාශ කරයි.

රාජිත සේනාරත්න, පාටලී චම්පික රණවක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, උපුල් ජයසූරිය, වැලිඅංග හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ද සිටි බවත් සුහද ගම්ලත් මහතා පෙන්වා දෙයි.

මීට අමතරව පොලිස්පති පූජිත ජයසුන්දර , ත්‍රිවිධ හමුදාපතිවරුන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම රැස්වීමට කැඳවා තිබූ බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැස්වීමකට කැඳවීම නීති විරෝධී බවත් ගම්ලත් මහතා ප්‍රකාශ කරයි.

එහිදී එක එක නඩු ගැන පොලිස්පති තුමා ගෙන් ඇසූ බවත් විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පවතින නඩු වල ප්‍රගතිය සහ ඉදිරි කටයුතු දිගින් දිගටම විමසීමක් කර බවත් ගම්ලත් මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා අතින් මේසයට ගසමින් ආවේගශීලීව කතාබහ කළ බවද සුවද ගම්ලත් මහතා ප්‍රකාශ කරයි.

(Lanka Leads)