Friday, October 25, 2024
Follow Us
නියොමාල් ඇතුළු හිටපු මැතිඇමතිවරු තුන්දෙනෙකුත් සජිත්ගේ සහයට එකතු වෙයි

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය පළ කිරීමට හිටපු මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු තීරණය කර තිබෙනවා.

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අශෝක මඩිගමංගාව, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන තිලක් මහලේකම්ගේ සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන නියොමාල් පෙරේරා සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාට සහාය දැක්වීමට තීරණය කර ඇති බවයි එම පාර්ශ්වය පැවසුවේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය පළ කිරීමට කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. නාවින්නද ඊයේ (28) එක් වුණා. ඒ, මංගල සමරවීර අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවසේදී මාධ්‍ය හමුවක් කැදවමින්.

එස්. බී. නාවින්න මන්තී‍්‍රවරයා ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිදුවූ බල පෙරළියත් සමග යළි එවකට අග‍්‍රාමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ආණ්ඩුවට සහය පළ කිරීමට ද එක් වුණා.

(Neth)