Friday, October 25, 2024
Follow Us
තවත් ජනාධිපති ධූර අපේක්ෂකයෙන් අද හඳුන්වා දෙයි

ජාතික ජනතා ව්‍යාපාරය සිය ජනාධිපති ධූර අපේක්‍ෂකයා අද (29) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ "අද දින ජාතික ජනතා ව්‍යාපාරය සිය ජනාධිපති ධූර අපේක්‍ෂකයා හඳුන්වා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සවස 2.00ට උත්සවය ආරම්භ කෙරෙනවා. පොදු විකල්පයක් හැටියටයි අපේක්ෂකයෙක් අපි හඳුන්වාදීම කරන්නේ. මාස ගාණනාවක උත්සහයකින් පස්සේ හොඳම අපේක්ෂකයා තෝරා ගැනීමේ ක්‍රමවේදයක් යටතේ මතයි කළේ. " යනුවෙනි.

(Neth)