Friday, October 25, 2024
Follow Us
එජාපයෙන් පොහොට්ටුවට පොහොට්ටුවෙන් එජාපයට පක්ෂමාරුව ඇරඹෙයි?

පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය තුළ දේශපාලන පක්ෂ මාරු ගණනාවක් සඳහා තිරය පිටුපස සාකච්ඡා ආරම්භ වී තිබේ.

අප වෙත ලැබී අති විශ්වාස කටයුතු දේශපාලන ආරංචිමාර්ග අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු එ.ජා.ප.ය සමඟ සම්බන්ධවීම සඳහා කතාබහක් අරඹා ඇත. මෙම සාකච්ඡා දැන් අවසන් අදියරට පැමිණ තිබේ. ඒ සමඟ දැනට පොහොට්ටුවේ සාමාජිකත්වය දරන මන්ත්‍රීන් දෙදෙනකුද එ.ජා.ප.ය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි එම විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

එ.ජා.ප.ය නියෝජනය කරන මැති ඇමැතින් තිදෙනකු පොහොට්ටුව සමඟ එක්වීම සඳහා කතාබහක් අරඹා තිබේ. එම සාකච්ඡා ගැන නාමයෝජනා දිනයට පෙර තීන්දුවක් ගැනෙනු ඇතැයි පොහොට්ටුව ආරංචි මාර්ග පවසයි. ඒ සමඟ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් දෙදෙනකුද පොහොට්ටුව සමඟ කතාබහක් ආරම්භ කර ඇත. නාමයෝජනා දීමෙන් පසු ඔවුන් සිය තීන්දුව ප්‍රකාශ කරනු ඇතැයි සඳහන් වෙයි.

එසේ වුවත් ශ්‍රී ල.නි.ප.යේ මන්ත්‍රීන් වෙන වෙනම පොහොට්ටුවට බඳවා නොගැනීමට මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කර ඇත.

ඊට හේතුව දෙපක්ෂය අතර කෙරෙන සාකච්ඡා සාර්ථක ලෙස ඉදිරියට යාමයි. එසේම මෙතෙක් පොහොට්ටුව සමඟ හිතවත්ව සිටි හිටපු එ.ජා.ප. මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීන්දු කර තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා පවසයි.

(Lanka Leads)