Friday, October 25, 2024
Follow Us
ගෝඨා වෙනුවෙන් ජනපති උතුරු – නැගෙනහිර ඡන්ද රැලි අමතයි

ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඡන්ද ප්‍රචාරය සඳහා එක්වීමට මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකඟත්වයකට පැමිණ සිටියි.

පසුගියදා මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මහින්ද රාජපක්ෂ මහතාත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් වෙන වෙනම සාකච්ඡා වට දෙකක් පැවැත්වීය. ගෝඨාගේ සාකච්ඡාව සිදුවූයේ මේ සතියේය.

මෙම සාකච්ඡා ඉතා සුහදව පැවති අතර එහිදී ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතා දෙපක්ෂය අතර ගොඩනගන සන්ධානය ගැන අවසන් තීරණ ගෙන තිබේ. මෙම නායකයන් ඇතිකරගත් එකඟතාව අනුව ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී ගෝඨාභය වෙනුවෙන් ප්‍රචාරක රැලි අමතනු ඇත.

එසේම ශ්‍රී ලංකා පොදුජන සන්ධානය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් ගිවිසුම් ගතවන දිනය ලබන සතියේ නිවේදනය කිරීමට නියමිතය.

(lanka leads)