Friday, October 25, 2024
Follow Us
මහින්ද-ගෝඨා ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලයින් අද ජනපති හමුවෙයි

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර අද (28) දිනයේදි විශේෂ හමුවක් පැවැත්විමට නියමිතව ඇති බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරයා සමග පැවැත්වෙන මෙම සාකච්ජාව සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ද එක්විමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව වත්මන් ජනාධිපතිවරයා සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හමුවන පලමු අවස්ථාවද මෙය වනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රි කණ්ඩායම ඊයේ (27) රැස්වු අතර එහිදි යෝජිත සන්ධාන ගතවිම සහ එහි ලකුණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ජා කල බවයි මන්ත්‍රි වීරකුමාර දිසානායක වැඩිදුරටත් සදහන් කර සිටියේ.

ඒ අනුව පක්ෂ දෙකේ නායකයින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අද දිනයේදි සාකච්ජා කොට යහපත් තීරණයකට එලැඹිමට නියමිත බව ඔහු සදහන් කර සිටියා.

ජනාධිපතිවරයා සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය අතර අද පැවැත්විමට නියමිත සාකච්ජාවේ ප්‍රතිපලය අනුව ඉදිරියේදි පක්ෂ දෙක අතර පැවැත්වෙන සාකච්ජා වටය සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට නියමිත බවයි මෙහිදි නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

(Neth)