Friday, October 25, 2024
Follow Us
වෙන විකල්ප නෑ, අපිට තියන එකම විකල්පය පොහොට්ටුව - රංජිත් සියඹලාපිටිය

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහාය දීම හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන විකල්පයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ශ්‍රීලනිපයට තනිවම ජනාධිපතිවරණයට තරග කළ නොහැකි බවත්, එසේම ජනාධිපතිවරණයේදී නිහඬව සිටීම ද කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළේ ඊයේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.

බැඳුම්කර සිද්ධිය, අපැහැදිලි ආර්ථික ප්‍රතිපත්ති ඇතුළු ගැටලු හේතුවෙන් එජාප අපේක්ෂකයාට සහාය ලබාදීමේ හැකියාවක් නොමැති බවත් ඉතිරි වී ඇති එකම විකල්පය ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් සියඹලාපිටිය මහතා පවසයි. මේ දිනවල ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ ලබන සඳුදා වනවිට ශ්‍රීලනිපයේ අවසාන තීරණය ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බවයි.

(LNW)