Friday, October 25, 2024
Follow Us
සජිත්ගේ ආගමනය එජාපය හැරගිය නායකයන්ට නව උත්තේජනයක් !

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමගින් පසුගිය දශක දෙකක කාලය තුළ විවිධ අවස්ථාවලදී එජාපය හැරගිය පැරණි සාමාජිකයන් නැවත පක්ෂයට වටා එකත වෙමින් සිටී.

සජිත් ප්‍රේමදාස මහතා මීට දින කිහිපයකට පෙර පක්ෂයෙන් ඈත් වී සිටින පැරණි සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ සියලු අමනාපකම් ඉවත දමා නැවත පක්ෂය දිනවීමට එකතු වන ලෙසයි.

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වූ එවක පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ද මේ වනවිට එජාපය හා එකතුවීමට කැමත්ත පළකර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඔහු ලිඛිතවම සිය කැමැත්ත සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දී තිබිණි.

වසර ගණනකට පෙර සිට එජාප ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටි හිටපු අමාත්‍ය උපාලි පියසෝම මහතා ද දිගු කලකට පසු ඊයේ (26) සිරිකොත එජාප මූලස්ථානය වෙත පැමිණ සිටියේය.

මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතා සමග සහ ශ්‍රීලනිපය සමග සිටින හිටපු එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද නැවත එජාපය සමග එකතුවීමේ බලාපොරොත්තුවෙන් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරි මාස දෙකකට ආසන්න කාලය තුළදී නැවතත් පරණ පුරුදු ගෙඹි සෙල්ලම දේශපාලන වේදිකාවේ රඟ දැක්වෙනු ඇත.

(LNW)