Friday, October 25, 2024
Follow Us
සජිත්ගේ මැතිවරණ ප්‍රචාරණ වගකීම් අකිලට හා කබීර්ට - ප්‍රතිපත්ති සෑදීම රාජිතට

ඉදිරි ජනාධිපතිවරණ කටයුතු වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ධුරය සදහා අමාත්‍ය රාජිත සේනාරත්න පත් කර තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජේ්‍යෂ්ඨයින් සමග අරලිය ගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා එම තනතුරට පත් කිරීමට තීරණය කෙරුණා.

ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු මෙහෙයවීම භාරදී ඇත්තේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ අමාත්‍ය කබීර් හෂිම්ටයි. එමෙන්ම ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සැකසීමේ කමිටුවේ සභාපතිත්වයට අමාත්‍ය රාජිත සේනාරත්න පත්කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවේදි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබෙනවා. එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න පවසා ඇත්තේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට වැඩි වයසක් නොමැති බැවින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම අවශ්‍ය නොවන බවයි. රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ එම ප‍්‍රකාශය අග‍්‍රාමාත්‍යවරයාගේ පාර්ශවය විසින්ද අනුමත කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් එක්සත් ජාතික පෙරමුණේ මන්තී‍්‍ර කණ්ඩායම වෙනුවෙන් ඊයේ රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක් පිරිනමා තිබෙනවා. ඒ, අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවසේදීයි. අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ජනාධිපති ධුර අපේක්‍ෂයා ලෙස නම් කිරීමේ පීි‍්‍රතිය නිමිත්තෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් මෙම භෝජන සංග‍්‍රහය පිරිනමා ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

එම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසද එක් වුණා. මේ අතර එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා ලෙස නම් කෙරුණු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද දිනයේදී ඇප මුදල් තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණය සදහා හංසයා ලකුණින් තරග වදින අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ලබන ඔක්තෝම්බර් මස 3 වනදා නාමයෝජනා භාරදීමට නියමිතයි. මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ සම්මේලනයද ලබන ඔක්තෝම්බර් මස 3 වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එ

ක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පළමු ජන රැළිය ඔක්තෝම්බර් මස 10 වනදා කොළඹ ගාළු මුවදොර පිටියේදි පැවැත්වෙන බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ.

(Neth)