Friday, October 25, 2024
Follow Us
එජාපය ඇල්පිටිය පුංචි ඡන්දය අතහරී !

ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අහම්බෙන් කඩා පාත්වූ මැතිවරණයකි. එහෙත් ජනාධිපතිවරණයට මාසයක් තිබියදී පැවැත්වෙන ඇල්පිටිය පුංචි මැතිවරණය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා සිටින ප්‍රධාන දේශපාලන පක්ෂවලට තීරණාත්මකය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ජයගන්නා පක්ෂයට එය ජනාධිපතිවරණ ප්‍රචාරක සටනේදී සිය පාක්ෂිකයන්ට උත්තේජනයක් සපයන තීන්දුවක් වනු ඇත.

එහෙත් මේ වනවිට එක්සත් ජාතික පක්ෂය ඇල්පිටිය පුංචි ඡන්දය අතහැර තිබේ. අද පැවති එජාප නායකයන්ගේ සාකච්ඡාවේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසා ඇත්තේ පැවති අවසන් වරට පැවති මහ මැතිවරණයේදී එජාපය ඡන්ද 8000 කින් ඇල්පිටිය පරාජයට පත්වූ බැවින් මෙම මැතිවරණයට වැඩි බරක් දැමීමේ කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවයි.

එහෙත් ඊට එරෙහිව කරුණු දක්වා ඇති අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබෙන්නේ පරාජයට පත්වන බව දැන සිටියද ඇල්පිටිය මැතිවරණය කිසිසේත් අතහැර දැමිය නොහැකි බවයි. එජාපය ලබන පරාජය අවම කිරීමට හෝ පක්ෂය මැදිහත් වියයුතු බවයි. රාජිතගේ එම කරුණු දැක්වීම එජාප නායකයන් බහුරතයක් පිළිගෙන ඇති තිබේ.

නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යපාරය තිබියදී වුවද ඇල්පිටිය මැතිවරණය වෙනුවෙන් තමා මැදිහත් වන බවයි. අවම තරමින් ඇල්පිටියේ රැස්වීම් දෙකක් හෝ ඇමතීම සඳහා තමා කාලය වෙන්කර ගන්නා බවයි ඔහු පවසා තිබෙන්නේ.

ඒ අනුව ජයග්‍රහණය බලාපොරොත්තු නොවුවද අවාසිය අවම කර ගැනීම වෙනුවෙන් ඇල්පිටියට මැදිහත් වියයුතු බවයි අවසානයේ එජාප නායකයන් තීරණය කර තිබෙන්නේ.

(LNW)