Friday, October 25, 2024
Follow Us
අපේක්ෂකයා සජිත් – ලකුණ හංසයා?

ඉදිරි ජනපතිවරණයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තරග කිරීමේදි හංසයා ලකුණින් තරග කිරීමට එකඟතාවක් එක්සත් ජාතික පෙරමුණේ ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

පසුගිය ජනපතිවරණයේදි වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරග කරනු ලැබුවේත් ඊට පෙර පැවැති ජනපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා තරග කරනු ලැබුවේත් හංසයා ලකුණිනි.

එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම ස්ථිර කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කටයුතු කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාව ඒකමතිකව ස්ථිර වි තිබේ .

(Lanka Leads)