Friday, October 25, 2024
Follow Us
එජාප අපේක්ෂක අර්බුදය අවසන් - අපේක්ෂකත්වය සජිත්ට

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අවසාන වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සජිත් ප්‍රේමදාස, අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, කබීර් හෂීම් ඇතුළු ජ්‍යෙෂ්ඨ කණ්ඩායම සාකච්ජාවක් පවත්වා ඇති අතර එම සාකච්ජාවේ බව දැක්වෙන ජයාරූප අමාත්‍ය නවීන් දිසානායක මහතාද සිය ෆේස් බුක් පිටුවට එක්කර තිබේ.

එම ඡායාරූප සමඟ සටහනක් තබමින් නවීන් දිසානායක මහතා පවසන්නේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට තෝරාගෙන ඇති බවයි. ඒ අනුව සාමූහික මැදිහත්වීමෙන් ජයග්‍රහණය කරා යන බවත් දක්වා ඇති අතර නවීන් දිසානායක මහතා සජිත් ප්‍රේමදාස මහතට සුභපැතුම් එක්කර තිබේ.

අද (26) පස්වරු 03.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිත අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තු කණ්ඩායමද රැස්වීමට නියමිතය.

ඒ අනුව අද දිනයේදී එජාප ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ නිල වශයෙන් දැනුම්දීමක් කෙරෙනු ඇති.

(LNW)