Friday, October 25, 2024
Follow Us
බෙදීමකට ගියොත් අද වෙන දේ එජාප මහලේකම් පැහැදිළි කරයි

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (26) පස්වරුවේ රැස් වනවා.

එම රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීමක්ද පැවැත්වීමට නියමිත බවයි පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නෙත් නිවුස් වෙත කියාසිටියේ.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණීමට හැකි වුවහොත් අද දිනයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන බවත් බෙදීමකට යාමට සිදු වුවහොත් ඡන්ද විමසීමක් පවත්වා නුදුරු දිනකදී ජනාධිපති අපේක්ෂකයා නම් කරන බවත් එක්ස‍ත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස නම් කිරීමට පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා නෙත් නිවුස් වෙත කියා සිටියා.

(Neth)